Posted by suvimali on January 13, 2010
වසන්තය නික්මී ගොස් අහවරය.වස්සානය අග සරසවිය පුරා මල් පිපුණු බවට සළකුණකුදු නැත.යළිත් වරක්මට එහි යන්නට සිතේ.එහි ගොස් නාදුනන අය දෙස බලා සිටින්නට සිතේ.නමුත් මට මහා තනිකමක් දැනේ.ඔබවත් සිටියා නම් එහි ගොස් වරු ගණනක් රැදී ඉන්නට පුළුවන.ඔබද නැත.
බස් නැවතුමට වී ඈත අඩි පාරක දේශන ශාලාවක පෙර සේම නුඹ සොයන්නට සිතේ.කන්දට ඉහළින් පුර හද පායා එන අපූරු දසුන යළිත් වරක් දකින්නට ඇත්නම්.රෑ පුරා නිදි වරමින් සටහන් ලියූ දුක කෙතරම් මිහිරිද ? සිව් වසරක් දියවී ගොස් බොහෝ කල් ගත වුණද මට යළිත් ඒ පිංබිමේ උණුසුම විදින්නට සිතේ.නමුත් ඒ සියල්ල සිතුවිල්ලක්ම පමණි.රැහැන්ය, බැදීම්ය.උසුලාගෙන යන්නට බොහෝ දේවල්ය.
සොදුරු සමනළ වසන්තය ගෙවී ගිය ඉක්මන.සරසවිය හැර එනවිට බොහෝ දේ රැගෙන ආවෙමි.තවත් බොහෝ දේඑහි තබා ආවෙමි.ජීවිතය ඉතිරිය ගෙවා දමන්නට ශක්තියද පන්නරයද රැගෙන ආවෙමි.ආත්මය පුරා ඉහිරුණු ආදරණීය ප්‍රේමයත් සංවේදීකමත් ඉතිරි කර ආවෙමි.මට යන්නට සිතෙන්නේ එහි නිදන් කර ආ ඒ මතකය යළි අවුස්සා බලන්නටය.එහෙත් මතකය වසන්තය සමග පලා යන්නට ඇත.මා ගියත් දැන් ගිම්හාන කාලයයි.ඒ වුණත් ආයෙ වසන්තය එන්නේද නැත.
This entry was posted on January 13, 2010 at 1:20 pm and is filed under Uncategorized.
.
You can follow any responses to this entry through the RSS 2.0 feed.
You can leave a response, or trackback from your own site.
January 13th, 2010 at 1:58 pm
අපට කවදාවත් අපි කැමති හැමදේම ලැබෙන්නේ නෑ.හදවත කෑ ගහ ගහ දේවල් ඉල්ලුවට ලෝකය එච්චරටම සුන්දර නෑ හැම දේම අපට දෙන්න.කොන්දේස් දාලා අපිව ගැටගහලා අල්ල ගන්නවා.ඒකයි ආපහු යන්න බැරි.ඒත් ඒ මතකය නම් ඒ තරම්ම මිහිරියි.
January 19th, 2010 at 12:54 am
සරසවියෙ ගතකරපු සුන්දර කාලය මතක් වෙනවා.
අතීතය වර්තමානයට කරන බලපෑම පුළුවන්තරම් අඩු කරගන්න බලන්න. අමාරුයි කියල පිලිගන්නව. ඒත් උත්සහ කරන්න…