Suvimali’s web blog.

Just another schblogs.lk - Blogs for Teachers and Students in Sri Lanka weblog

තොටියෙකුගේ දුක

Posted by suvimali on December 9, 2009

මගේ අත් දෙක රිදෙන්නෙ ඔරුවම  පැදලා

ඇඟ හිරිවැටෙන්නේ එක විදියට     ඉඳලා

මගේ බඩ රිදෙන්නෙ කුසගිනි වැඩි   කමට

මගේ හිත රිදෙන්නේ මගේ හෙට ගැන හිතලා

කැලණි ග‍ඟේ ඔරු පැදගෙන යන   කලට

මගේ නිවස සිහිවෙයි මට සැම     විටම

එහි සිටිනා අන් තොටියන් දකින    විට

ඔවුනුත් විඳින දුක එක ලෙස දැනෙයි මට

මගේ ඇගට දැන් හරි හැටි වාරු    නැත

මගේ ඔරුව දැන් සවි ශක්තියක්    නැත

මගේ ගතේ දැඩි බව දැන් දැනෙන්  නැත

හිතේ සවිය නැති වෙන්නට කලක්  නැත

වැඩි කාලයක් සිටියේ මා   නදියේය

මගේ දිවිය රැදී ඇත්තෙ    ඔරුවේය

සැම දිනකම මට දැනුනේ  මහන්සිය

මගේ දිවිය මටවත් ස්ථිර    නැතිය

2 Responses to “තොටියෙකුගේ දුක”

  1.   indik Says:

    ලස්සනයි…
    ඇයි ඒත් ලඟදි ලියල නැත්තෙ. ඔයාට හොඳට ලියන්න පුලුවන්නෙ. ලියන්න දිගටම…

  2.   ධනංජය Says:

    මං ඔක්කොම කියෙව්වා..ලස්සනට ලියල තියනවා..සුබ පැතුම්..

Leave a Reply



XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>