Posted by suvimali on December 9, 2009
මගේ අත් දෙක රිදෙන්නෙ ඔරුවම පැදලා
ඇඟ හිරිවැටෙන්නේ එක විදියට ඉඳලා
මගේ බඩ රිදෙන්නෙ කුසගිනි වැඩි කමට
මගේ හිත රිදෙන්නේ මගේ හෙට ගැන හිතලා
කැලණි ගඟේ ඔරු පැදගෙන යන කලට
මගේ නිවස සිහිවෙයි මට සැම විටම
එහි සිටිනා අන් තොටියන් දකින විට
ඔවුනුත් විඳින දුක එක ලෙස දැනෙයි මට
මගේ ඇගට දැන් හරි හැටි වාරු නැත
මගේ ඔරුව දැන් සවි ශක්තියක් නැත
මගේ ගතේ දැඩි බව දැන් දැනෙන් නැත
හිතේ සවිය නැති වෙන්නට කලක් නැත
වැඩි කාලයක් සිටියේ මා නදියේය
මගේ දිවිය රැදී ඇත්තෙ ඔරුවේය
සැම දිනකම මට දැනුනේ මහන්සිය
මගේ දිවිය මටවත් ස්ථිර නැතිය
This entry was posted on December 9, 2009 at 1:38 pm and is filed under Uncategorized.
.
You can follow any responses to this entry through the RSS 2.0 feed.
You can leave a response, or trackback from your own site.
January 11th, 2010 at 1:33 pm
ලස්සනයි…
ඇයි ඒත් ලඟදි ලියල නැත්තෙ. ඔයාට හොඳට ලියන්න පුලුවන්නෙ. ලියන්න දිගටම…
January 12th, 2010 at 8:46 am
මං ඔක්කොම කියෙව්වා..ලස්සනට ලියල තියනවා..සුබ පැතුම්..