Suvimali’s web blog.

Just another schblogs.lk - Blogs for Teachers and Students in Sri Lanka weblog

Archive for October, 2009

සෙබළ පෙම්වතාට

Posted by suvimali on 7th October 2009

armyතල් අරණේ දිවි ගෙව්වට ගත දරදඩු           නොමවෙන්නයි

තුවක්කුවක් අත රැදුණට සිත දරදඩු             නොමවෙන්නයි

මා

වෙනුවෙන්       සිතේ උපන් පෙම් ‍පැතුමන් නොමියෙන්නයි

සම්මා සම්බුදු සරණින් සැම දෙවියන්     රැකදෙන්නයි

රට දිනු දුටුගැමුණු මහ නිරිදුන්             නමට

රන් වැකි ලියැවුණා ඉතිහාසයෙ        පොතට

රන්වැකි ලියැවුණේ නැතිමුත් නුඹෙ    නමට

අයියේ නුඔත් රජ දරුවෙකි      මගෙ      රටට

පළදින යුධ ඇදුම සිසිලක් ගෙනදේවා

සැමදා ඔබට දුක් කරදර නොම වේවා

විරුවන් අතර ඔබ සුර විරුවෙක් වේවා

තිස්තුන් කෝටියක් දෙවියෝ රැකදේවා

Posted in Uncategorized | No Comments »

මගේ ලක්මව

Posted by suvimali on 7th October 2009

sri-lanka-flag-independence

කිසිදින යට නොවී බලයට  අයුත්ත   ට

යුතුකම අනුව ගොස් නොහැපී දෙපැත්ත ට

මරණය දිවියත් අතරේ සටන් කො           ට

දිරිගනු මැනවි මගෙ පොඩි රට හදන්න    ට

ජීවය රදා ඇති වුණ දා සිට දෙර           ණේ

ඉපදුණ සැවොම මළගම යන එක තිරණේ

පෑගෙන තැලෙන ජනතාවට වී සර      ණේ

කෝකත් එකයි මට මවිබිම හා මර    ණේ

මවිපිය උරැමයෙන් හිමි වුණ උපන්     රට

සයුරට යටවුණේ ඉවසමි කෙලෙස     මම

අදිරදවාදි පිළිරැව අභියසේ                  සිට

දෙදනින් වැටී ජීවත් විය නොහැක      මට

Posted in Uncategorized | No Comments »