Suvimali’s web blog.

Just another schblogs.lk - Blogs for Teachers and Students in Sri Lanka weblog

දිරිය දුන් ඔබ……

Posted by suvimali on October 26, 2009

ජීවිතය ජය ගන්න කඩ ඉමක පැටලිලා

සරසවි වරම් ලබා ගන්නට….

උත්සාහ දරන මේ මොහොතේ…

විෂම වූ සමාජයේ……..

ඔබ වන් වූ ගුරුවරයෙක් හමුවීමට

මා කළ පින කුමක්ද?

සැබවින්ම ආරම්භයේ බිය විය..

නමුත් ගුරු පියාණනි………

ඔබගේ සෙවණට පා තැබූ මොහොතේ සිට……

සත්තකින්ම බිය තුරන් විය.

ඉතින් ඔබගේ සාරවත් පිං බිමේ….

සරු බීජ වපුරා අස්වැන්න

සරු කර ගැනීමට හැකිවීම…….

නොඅනුමානය……..

සත්තකින්ම එය විශ්වාසය

අරුණ ගුරු පියාණනි.

One Response to “දිරිය දුන් ඔබ……”

  1.   අසෝක රංජිත් Says:

    දුවේ,
    ඔබේ බ්ලොග් එක ලීවේ මා ගැන නොවුනත් එය දැකීමත් වාසනාවක්!
    බ්ලොග් එක අපූරුයි.
    ගුරුවරු විදියට අපට කණගාටු අ‍පේ ලමයි දීල ති‍බෙන පහසුකම් ප්‍රයෝජනයට ‍නොගන්න එක.
    අ‍පේ පාසැ‍ලේ නොවුනත් ඔයාලා අ‍‍පේ ලමයි.
    ඒ නිසා සතුටුයි.
    අලුත් ‍ලෝ‍කෙත් එක්ක ඉස්සරහට යන්න
    ම‍ගේ සුබපැතුම්!
    වැදගත්ම ‍දේ සිංහ‍ලෙන් ලිවීම

Leave a Reply



XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>