Suvimali’s web blog.

Just another schblogs.lk - Blogs for Teachers and Students in Sri Lanka weblog

ආරාධනාවයි වෙනසකට

Posted by suvimali on October 13, 2009

electionතාප්පෙට පෝස්ටර් මාලයක්
ලයිට් කණුවට හිනා මූණක්
කනත්තට මල් වඩම් දෙක තුනක්
ලෙඩ ඇඳට තව එකෙක්
දෛනික ජීවිතේ බරපතල වෙනසක්
ගණන් ගන්න එපා ඡන්දයක්
ප්‍රචණ්ඩත්වයට පත්තරේ ඉඩක්
ඇඳිරි නීතියට උරුම තවත් දවසක්
මොන මොනවා වෙලා හරි
අලුත් රජයක්…..
කෙටුම්පත් අණ පනත්
ලොකු යුද්ධයක්
ඒත් මේක……..
උත්තරීතර ආයතනයක්
මතු පිටින් අහුලා ගන්න
සීනි බෝල දර්ශනයක්…..
ඔබේ දේශපාලන දර්ශනය……
මේ අකලංචි ඔක්කොම ඒ නිසයි…..
ප්‍රබුද්ධයි…..‍‍ශ්‍රේෂ්ඨයි
ගැඹුරුයි…..උත්තරීතර දේශපාලනය

මේ  චණ්ඩනයට කාලයයි
ඔබේ ප්‍රාථමික පන්තියේ

නොමේරූ ළදරු මතවාද……

අවශ්‍යයි බරපතල ප්‍රතිසංස්කරණයක්
ඔබේ අන්ධ විඥානයට…..

Leave a Reply



XHTML: You can use these tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>