Posted by suvimali on October 7, 2009
තල් අරණේ දිවි ගෙව්වට ගත දරදඩු නොමවෙන්නයි
තුවක්කුවක් අත රැදුණට සිත දරදඩු නොමවෙන්නයි
මා
වෙනුවෙන් සිතේ උපන් පෙම් පැතුමන් නොමියෙන්නයි
සම්මා සම්බුදු සරණින් සැම දෙවියන් රැකදෙන්නයි
රට දිනු දුටුගැමුණු මහ නිරිදුන් නමට
රන් වැකි ලියැවුණා ඉතිහාසයෙ පොතට
රන්වැකි ලියැවුණේ නැතිමුත් නුඹෙ නමට
අයියේ නුඔත් රජ දරුවෙකි මගෙ රටට
පළදින යුධ ඇදුම සිසිලක් ගෙනදේවා
සැමදා ඔබට දුක් කරදර නොම වේවා
විරුවන් අතර ඔබ සුර විරුවෙක් වේවා
තිස්තුන් කෝටියක් දෙවියෝ රැකදේවා
This entry was posted on October 7, 2009 at 10:40 am and is filed under Uncategorized.
Tagged: Add new tag, G/Batuwangala m.v..
You can follow any responses to this entry through the RSS 2.0 feed.
You can leave a response, or trackback from your own site.