Posted by suvimali on 26th October 2009
ජීවිතය ජය ගන්න කඩ ඉමක පැටලිලා
සරසවි වරම් ලබා ගන්නට….
උත්සාහ දරන මේ මොහොතේ…
විෂම වූ සමාජයේ……..
ඔබ වන් වූ ගුරුවරයෙක් හමුවීමට
මා කළ පින කුමක්ද?
සැබවින්ම ආරම්භයේ බිය විය..
නමුත් ගුරු පියාණනි………
ඔබගේ සෙවණට පා තැබූ මොහොතේ සිට……
සත්තකින්ම බිය තුරන් විය.
ඉතින් ඔබගේ සාරවත් පිං බිමේ….
සරු බීජ වපුරා අස්වැන්න
සරු කර ගැනීමට හැකිවීම…….
නොඅනුමානය……..
සත්තකින්ම එය විශ්වාසය
අරුණ ගුරු පියාණනි.
Posted in Uncategorized | 1 Comment »
Posted by suvimali on 22nd October 2009
බිලිඳු සමය මව් තුරුලෙහි දැවටීලා
නිවසට වෙලා සිටි කාලය යයි ගෙවිලා
පාසල් සමය ආවා ඔබ වෙත හඹලා
යන මග සුභයි පුතුනේ පෙර පය තබලා
බාධක කම්කටොළු පෙර මාවත දිගසේ
පසු නොබසිනු පුතේ එය කටුකයි දැඩිසේ
නෙක ඔවදනින් සිත පුරවා ගනු නිසිසේ
බාධක මැදින් හමුවන ජයගනු සුවසේ
ඔබ කළ මහත් සේවය ගැන ඇතිසාර
සතුටින් දිවිය ජයගත හැකි තිරසාර
ඔබට මෙන්ම පරපුරටත් සුභසාර
ගෙන දෙන පුතුණි ඔබ පතනවා සංසාර
Posted in Uncategorized | No Comments »
Posted by suvimali on 22nd October 2009
මිලින සුදුමැලි ඉද්ද මල්පෙති හඬා වැටුණා නුඹ දකින්නට
අවර රතුපළ උනා දිනපති රළෙහි පැන්නා නුඹ සොයන්නට
බටිති පොල්කිති මලිති සූටිති නිවා උන්නද නුඹ අසන්නට
නිහඬ වූවා පළා හදවිල සිඟිති දෙන නුඹ ළඟ මියෙන්නට
හිඹුටු මාදං කුසෙහි හොවමින්
අඩිය නැති පාවහන් සලමින්
හෝඩි පොත පොඩි ලමැදෙ හොවමින්
ගියේ පාසල් මටද වඳිමින්
පා බිඳී ලී දිරා කළු වුණ
අඩියෙ පොඩි සුදු ගවුමෙ සැඟවුණ
පෙට්ටගම් පැල්පතෙහි ගුලිවුණ
කදුළු මිරිකයි නෙතින් මැලවුණ
කීර සුවද රැදි පාළු වනපෙත්
සිනහ මුව පිරි දොලෙහි සිසිලෙත්
නුඹ සෙනෙහෙ විදි පොලෝ ඇකයෙත්
සොයමි නුඹ ගිය ලොවෙහි මංපෙත්
Posted in Uncategorized | No Comments »
Posted by suvimali on 21st October 2009
ගැබ්බර වූ මව පොඩි පුතු වැදුවා
දහසක් බලාපොරොත්තු මැද…
කිරට හැරෙන්නට ලෙයක් නැතිමුත්…
මව් කිරි පෙව්වා උණුසුම්ව ලයෙන්…
දිලිඳු මව්ගෙ කිරි උරා බී…
වැඩුනා පොඩි පුතු සිත්තොසින්
දිවි රැක ගන්නට මුදලක් සොයනට..
පුතු මව් යනවා තේ දලු නෙලනට
ඩහදිය වගුරා ශ්‍රමය මුදල් කොට…
සැන්ඳෑ සමයෙහි පුතු මව් එනවා..
සොච්චම් පඩියෙන් අහරත් රැගෙනම
පියෙකු නොමැති පුතු පොල් අතු පැල තුළ..
දිවි ගෙව්වා පුතු තම මව් සමගම..
මහමෙරක් වගේ සෙනෙහසින් මව..
පුතු රැක ගත්තා සුපිපි මලක් ලෙස..
එක දවසක් මහ අමිහිරි රැයකදි
හැඬු වා පොඩි පුතු ලොවට ඇහෙන්නට…
Posted in Uncategorized | No Comments »
Posted by suvimali on 20th October 2009
උහුලන්න බැරුව අපේ දුක
ඉකිබිඳ හැඬූ අහස් ඟඟ….
මහා ගංවතුරක් වෙලා
නවතාලූයේ කිම….
මුලු දිවි ගමනම
එක් මොහොතකට…
පොත් පත් ලැබුණා..
ඇදුම් ලැබුණා…
කිරි පිටිත් ලැබුණා
ඒත්……..
මේවා බර වැඩියි මට..
පුංචි මම විතරයි
ඉතිරි වුණේ ගෙදර….
Posted in Uncategorized | 2 Comments »
Posted by suvimali on 20th October 2009
රැයේ පිපී සුවඳ දී විහිදෙන
කඩුපුල් මලක මිහිරක්ව
මගේ සිත පතුලේ නුඹ…..
රැඳුන දා අද වගේ මතකය
දිසාපාමොක් ලෙස ලඟින් හිඳ…
පසක් කරලු ජීවිතයේ යථාර්තය…
සිතට දිරිය ගෙන පෙරට යන්නට
පියෙකු සේම දිරිය දුන්නේ නුඔමය….
මවක සේ ලඟීන් සිටියේ ද නුඹමය….
නිමක් නොදිටිමි නුඹේ ගුණ කඳ
විසල් වූ විශ්වයකි නුඹ මට
Posted in Uncategorized | No Comments »
Posted by suvimali on 15th October 2009
ඩා බිඳු ගත වගුරාගෙන
වෑහෙන සෙනෙහස මැඩගෙන
ගොම්මන අතිනත අරගෙන
ගෙට ගොඩවන අම්මා…….
නාවර හොටු වපුරාගෙන
වැරහැලි ගත දවටාලගන
හීං හඬට ඉකි බිඳිමින්
චීත්තයේ එල්ලීගෙන
දැවටෙන දරැවන් සිඹිමින්
විඩා නිවන අම්මා….
පඩි කඳ පැන එන අග හිග
සගවා හද ගත දිරිගෙන
ඔසවා මහමෙර හිස මත
හෙටක් සොයන අම්මා
Posted in Uncategorized | No Comments »
Posted by suvimali on 15th October 2009

රතු රුධිරයෙන් මේ මිහිතල තෙමමින්නේ
දිවා රෑ නොබලමින් ඔබමයි යුධ වැදුනේ
ජීවිත පවා ලක් මව් හට දන් දුන්නේ
පුත නුඹ නිසයි අපි අද ජීවත් වන්නේ
සිංහල කොඩිය දෝතට ගෙන දෝතින්නේ
රුදුරු කොටියා නැති කෙරුමට යුධ වැදුනේ
පසු බැස නැති නිසයි මේ සිරිලක රැකුනේ
තිස්තුන් කෝටියක් දෙවියන් නුඹ රකිනේ
නිදහස් රටක් බිහිකර දුන් විරුවන්නේ
සැමදා නුඹට තුති පුද මල් පිබිදෙන්නේ
කිරුළක් නැති වුණත් පැළදීමට නිතිනේ
නුඹත් රජෙකි හෙට ලක් මව් හට සොයුරේ
Posted in Uncategorized | No Comments »
Posted by suvimali on 13th October 2009
තාප්පෙට පෝස්ටර් මාලයක්
ලයිට් කණුවට හිනා මූණක්
කනත්තට මල් වඩම් දෙක තුනක්
ලෙඩ ඇඳට තව එකෙක්
දෛනික ජීවිතේ බරපතල වෙනසක්
ගණන් ගන්න එපා ඡන්දයක්
ප්‍රචණ්ඩත්වයට පත්තරේ ඉඩක්
ඇඳිරි නීතියට උරුම තවත් දවසක්
මොන මොනවා වෙලා හරි
අලුත් රජයක්…..
කෙටුම්පත් අණ පනත්
ලොකු යුද්ධයක්
ඒත් මේක……..
උත්තරීතර ආයතනයක්
මතු පිටින් අහුලා ගන්න
සීනි බෝල දර්ශනයක්…..
ඔබේ දේශපාලන දර්ශනය……
මේ අකලංචි ඔක්කොම ඒ නිසයි…..
ප්‍රබුද්ධයි…..ශ්‍රේෂ්ඨයි
ගැඹුරුයි…..උත්තරීතර දේශපාලනය
මේ චණ්ඩනයට කාලයයි
ඔබේ ප්‍රාථමික පන්තියේ
නොමේරූ ළදරු මතවාද……
අවශ්‍යයි බරපතල ප්‍රතිසංස්කරණයක්
ඔබේ අන්ධ විඥානයට…..
Posted in Uncategorized | No Comments »
Posted by suvimali on 12th October 2009
දස මාසයක් කුස හොවාගෙන
මා මෙලොවට බිහි කළ
මගේ දයාබර අම්මේ…..
නුඹේ ලේ කිරට හරවා
මට පෙවු නුඹට….
මා සදා ණය ගැති වේ
මා වෙනුවෙන් නුඹ විඳි
දුක් ගැහැට අපමණයි
මගේ දයාබර අම්මේ….
නුඹ නැති ජීවිතයක්
මට කුමකටද මගේ අම්මේ…..
උදේ සවස නුඹගේ දෙපා මුල වැඳ වැටුණත්
ඔබට ඇති ණය…..
කිසිදා ගෙවා දැමිය නොහැක.
Posted in Uncategorized | 1 Comment »