Suvimali’s web blog.

Just another schblogs.lk - Blogs for Teachers and Students in Sri Lanka weblog

අපේ අභිමානය ජාතික ධජය

Posted by suvimali on January 13, 2010

අපේ අභිමානය ජාතික ධජය
රටක සුවිශේෂත්වය විදහා දක්වන වැදගත්ම සංකේතය වන්නේ ජාතික කොඩියයි. එමඟින් ජාතියක ස්වාධීනත්වය, එක්සත්භාවය, රටේ අනන්‍යතාව සහ ජනතාවගේ බලපරාක්‍රමය විද්‍යාමාන වෙයි.අප රට නිදහස ලබා ගන්නා විට ජාතික කොඩියක් ලෙස විශේෂිත වූ කොඩියක් නොවීය. එහෙයින් ප්‍රථම නිදහස් උලෙළේ දී අග්‍රාමාත්‍ය ඩී.එස්.සේනානායක මහතා විසින් ඉහළට ඔසවනු ලැබුවේ සිංහ කොඩියයි.ජාතික කොඩියේ ප්‍රධාන ලාංඡනය ‘සිංහ රූපය’යි. අප රටේ පැරණිම කොඩිය වන දුටුගැමුණු මහරජු භාවිතා කළ කොඩියේ ද ප‍්‍රධාන ලාංජනය වූයේ සිංහ රූපය ය. අපේ බොහෝ රජවරු සිංහ රූපය සිය කොඩිවල ලාංඡනය ලෙස යොදා ගත්හ.අප රට නිදහස ලබද්දී අපටම වූ කොඩියක් නොවූයෙන් 1815 දී බ්‍රිතාන්‍යට රැගෙන ගිය සිංහ කොඩිය ජාතික කොඩිය ලෙස පිළිගැනීමට යෝජනාවක් ඉදිරිපත් විය. ඉන්පසු රටේ ජාතික කොඩිය කුමක් විය යුතුද යන්න පිළිබඳ තීරණයක් ගැනීම සඳහා උපදෙස් දීමට ඩී.එස්.සේනානායක මහතා විසින් කමිටුවක් පත්කරන ලදී.
එම කමිටු නිර්දේශ අනුව අපගේ ජාතික කොඩිය 1950 පෙබරවාරි මාසයේ දී නිශ්චිත කර ගැනිණි. අභිනව ජාතික කොඩිය ප‍්‍රථම වරට එසවූයේ 1951 ජාතික උලෙළ දාය.සිංහ ධජයේ කොළපාට හා රඹ පාට වර්ණ තීරු දෙකකි. ඒ මුස්ලිම් හා දෙමළ ජනතාව නියෝජනය කිරීම සඳහාය. මෙම වර්ණ තීරුවල ප‍්‍රමාණය මුළු කොඩියේ ප්‍රමාණයෙන් 1/7 බව සම්මතව ඇති දෙයකි. සිංහයාගෙන් අදහස් කරන්නේ සිංහල ජාතිය සිංහයාගෙන් පැවැත එන්නේය යන්නය. කොඩියේ හතරැස් කොටුවේ ඇති බෝපත් සතරෙන් බෞද්ධ ජනයා නියෝජනය කරයි.1972 වසරේදී ජාතික කොඩිය සුළු වෙනසකට භාජනය විය. එනම් එතෙක් කල් පැවැති ශෛලිගත බෝ කොළ සතර වෙනුවට ස්වභාවික බෝ කොළ හතරක් නිර්මාණය වීමයි. කොඩියේ දිග පළල අනුපාතය 1.2 කි. එනම් දිග 2ක් විය පළල 1කි. සිංහයා සිටිය යුතු දිශාව වන්නේ කොළ සහ තැඹිලි පාට තීරුව දෙස බලා සිටින අයුරිනි.
මේ වනවිට ජාතික කොඩිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිත්‍ය අංගයක් බවට පත්වී ඇත.

Posted in Uncategorized | 3 Comments »

වස්සානේ ආයෙත් එන්නෙ නෑ

Posted by suvimali on January 13, 2010

වසන්තය නික්මී ගොස් අහවරය.වස්සානය අග සරසවිය පුරා මල් පිපුණු බවට සළකුණකුදු නැත.යළිත් වරක්මට එහි යන්නට සිතේ.එහි ගොස් නාදුනන අය දෙස බලා සිටින්නට සිතේ.නමුත් මට මහා තනිකමක් දැනේ.ඔබවත් සිටියා නම් එහි ගොස් වරු ගණනක් රැදී ඉන්නට පුළුවන.ඔබද නැත.

බස් නැවතුමට වී ඈත අඩි පාරක දේශන ශාලාවක පෙර සේම නුඹ සොයන්නට සිතේ.කන්දට ඉහළින් පුර හද පායා එන අපූරු දසුන යළිත් වරක් දකින්නට ඇත්නම්.රෑ පුරා නිදි වරමින් සටහන් ලියූ දුක කෙතරම්    මිහිරිද ? සිව් වසරක් දියවී ගොස් බොහෝ කල් ගත වුණද මට යළිත් ඒ පිංබිමේ උණුසුම විදින්නට සිතේ.නමුත් ඒ සියල්ල සිතුවිල්ලක්ම පමණි.රැහැන්ය, බැදීම්ය.උසුලාගෙන යන්නට බොහෝ දේවල්ය.

සොදුරු සමනළ වසන්තය ගෙවී ගිය ඉක්මන.සරසවිය හැර එනවිට බොහෝ දේ රැගෙන ආවෙමි.තවත් බොහෝ දේඑහි තබා ආවෙමි.ජීවිතය ඉතිරිය ගෙවා දමන්නට ශක්තියද පන්නරයද ‍රැගෙන ආවෙමි.ආත්මය පුරා ඉහිරුණු ආදරණීය ප්‍රේමයත් සංවේදීකමත් ඉතිරි කර ආවෙමි.මට යන්නට සිතෙන්නේ එහි නිදන් කර ආ ඒ මතකය  යළි අවුස්සා බලන්නටය.එහෙත් මතකය වසන්තය සමග පලා යන්නට ඇත.මා ගියත් දැන් ගිම්හාන කාලයයි.ඒ වුණත් ආයෙ වසන්තය එන්නේද නැත.

Posted in Uncategorized | 2 Comments »

තොටියෙකුගේ දුක

Posted by suvimali on December 9, 2009

මගේ අත් දෙක රිදෙන්නෙ ඔරුවම  පැදලා

ඇඟ හිරිවැටෙන්නේ එක විදියට     ඉඳලා

මගේ බඩ රිදෙන්නෙ කුසගිනි වැඩි   කමට

මගේ හිත රිදෙන්නේ මගේ හෙට ගැන හිතලා

කැලණි ග‍ඟේ ඔරු පැදගෙන යන   කලට

මගේ නිවස සිහිවෙයි මට සැම     විටම

එහි සිටිනා අන් තොටියන් දකින    විට

ඔවුනුත් විඳින දුක එක ලෙස දැනෙයි මට

මගේ ඇගට දැන් හරි හැටි වාරු    නැත

මගේ ඔරුව දැන් සවි ශක්තියක්    නැත

මගේ ගතේ දැඩි බව දැන් දැනෙන්  නැත

හිතේ සවිය නැති වෙන්නට කලක්  නැත

වැඩි කාලයක් සිටියේ මා   නදියේය

මගේ දිවිය රැදී ඇත්තෙ    ඔරුවේය

සැම දිනකම මට දැනුනේ  මහන්සිය

මගේ දිවිය මටවත් ස්ථිර    නැතිය

Posted in Uncategorized | 2 Comments »

මිනිසුනේ

Posted by suvimali on November 24, 2009

minisun1

නෙත් සිත් සනසවා

සදහම් සිසිල බෙදන්නට

වෙහෙසවව් මිනිසුනේ

නොමිනිසුන්  පරදවා

ධර්මිෂ්ඨයන් රකින්නට

දහම් බෙර වයන්නට

දිරිගනිව් මිනිසුනේ

ලෝ සතුන් සිත් නිවා

පහන් සිත් පුබුදන්නට

සිසිල් වන් පුදබිමට

පියනගව් මිනිසුනේ

සිසිල් සිත් සනසවා

සුරාවට සූදුවට

මුසාවට සොරකමට

හඩනගව් මිනිසුනේ

ධර්මයෙන් සිත් දොවා

Posted in Uncategorized | No Comments »

දිරිය දුන් ඔබ……

Posted by suvimali on October 26, 2009

ජීවිතය ජය ගන්න කඩ ඉමක පැටලිලා

සරසවි වරම් ලබා ගන්නට….

උත්සාහ දරන මේ මොහොතේ…

විෂම වූ සමාජයේ……..

ඔබ වන් වූ ගුරුවරයෙක් හමුවීමට

මා කළ පින කුමක්ද?

සැබවින්ම ආරම්භයේ බිය විය..

නමුත් ගුරු පියාණනි………

ඔබගේ සෙවණට පා තැබූ මොහොතේ සිට……

සත්තකින්ම බිය තුරන් විය.

ඉතින් ඔබගේ සාරවත් පිං බිමේ….

සරු බීජ වපුරා අස්වැන්න

සරු කර ගැනීමට හැකිවීම…….

නොඅනුමානය……..

සත්තකින්ම එය විශ්වාසය

අරුණ ගුරු පියාණනි.

Posted in Uncategorized | 1 Comment »

ඔබටයි පුතණුවනි

Posted by suvimali on October 22, 2009

බිලිඳු සමය මව් තුරුලෙහි     දැවටීලා

නිවසට වෙලා සිටි කාලය යයි  ගෙවිලා

පාසල් සමය ආවා ඔබ වෙත    හඹලා

යන මග සුභයි පුතුනේ පෙර පය තබලා

බාධක කම්කටොළු පෙර මාවත   දිගසේ

පසු නොබසිනු පුතේ එය කටුකයි දැඩිසේ

නෙක ඔවදනින් සිත පුරවා ගනු  නිසිසේ

බාධක මැදින් හමුවන ජයගනු    සුවසේ

ඔබ කළ මහත් ‍සේවය ගැන ඇතිසාර

සතුටින් දිවිය ජයගත හැකි   තිරසාර

ඔබට මෙන්ම පරපුරටත්     සුභසාර

ගෙන දෙන පුතුණි ඔබ පතනවා සංසාර

Posted in Uncategorized | No Comments »

පුංචි නංගියා

Posted by suvimali on October 22, 2009

babyමිලින සුදුමැලි ඉද්ද මල්පෙති හඬා වැටුණා නුඹ      දකින්නට
අවර රතුපළ උනා දිනපති රළෙහි පැන්නා නුඹ   සොයන්නට
බටිති පොල්කිති මලිති සූටිති නිවා උන්නද නුඹ     අසන්නට
නිහඬ වූවා පළා හදවිල සිඟිති දෙන නුඹ ළඟ        මියෙන්නට

හිඹුටු මාදං කුසෙහි               හොවමින්
අඩිය නැති පාවහන්                සලමින්
හෝඩි පොත පොඩි ලමැදෙ හොවමින්
ගියේ පාසල් මටද                    වඳිමින්

පා බිඳී ලී දිරා                   කළු වුණ
අඩියෙ පොඩි සුදු ගවුමෙ    සැඟවුණ
පෙට්ටගම් පැල්පතෙහි        ගුලිවුණ
කදුළු මිරිකයි නෙතින්       මැලවුණ

කීර සුවද රැදි පාළු                 වනපෙත්
සිනහ මුව පිරි දොලෙහි         සිසිලෙත්
නුඹ සෙනෙහෙ විදි පොලෝ ඇකයෙත්
සොයමි නුඹ ගිය ලොවෙහි      මංපෙත්

Posted in Uncategorized | Tagged: | No Comments »

කිරි සුවදයි ගම්මානේ

Posted by suvimali on October 21, 2009

mother-and-babyගැබ්බර වූ මව පොඩි පුතු වැදුවා
දහසක් බලාපොරොත්තු මැද…
කිරට හැරෙන්නට ලෙයක් නැතිමුත්…
මව් කිරි පෙව්වා උණුසුම්ව ලයෙන්…

දිලිඳු මව්ගෙ කිරි උරා බී…
වැඩුනා පොඩි පුතු සිත්තොසින්
දිවි රැක ගන්නට මුදලක් සොයනට..
පුතු මව් යනවා තේ දලු නෙලනට
ඩහදිය වගුරා ශ්‍රමය මුදල් කොට…
සැන්ඳෑ සමයෙහි පුතු මව් එනවා..
සොච්චම් පඩියෙන් අහරත් රැගෙනම

පියෙකු නොමැති පුතු පොල් අතු පැල තුළ..
දිවි ගෙව්වා පුතු තම මව් සමගම..
මහමෙරක් වගේ සෙනෙ‍හසින් මව..
පුතු රැක ගත්තා සුපිපි මලක් ලෙස..
එක දවසක් මහ අමිහිරි රැයකදි
හැඬු වා පොඩි පුතු ලොවට ඇහෙන්නට…

Posted in Uncategorized | No Comments »

දිවි අහිමි කළ ගංවතුර

Posted by suvimali on October 20, 2009

උහුලන්න බැරුව අපේ දුක

ඉකිබිඳ හැඬූ අහස් ඟඟ….

මහා ගංවතුරක් වෙලා

නවතාලූයේ කිම….flood-hanbanthotha

මුලු දිවි ගමනම

එක් මොහොතකට…

පොත් පත් ලැබුණා..

ඇදුම් ලැබුණා…

කිරි පිටිත් ලැබුණා

ඒත්……..

මේවා බර වැඩියි මට..

පුංචි මම විතරයි

ඉතිරි වුණේ ගෙදර….

Posted in Uncategorized | 2 Comments »

විසල් වූ විශ්වයකි නුඹ මට

Posted by suvimali on October 20, 2009

රැයේ පිපී සුවඳ දී විහිදෙන

කඩුපුල් මලක මිහිරක්ව

මගේ සිත පතුලේ නුඹ…..

රැඳුන දා අද වගේ මතකය

දිසාපාමොක්  ලෙස ලඟින් හිඳ…

පසක් කරලු ජීවිතයේ යථාර්තය…

සිතට දිරිය ගෙන පෙරට යන්නට

පියෙකු සේම දිරිය දුන්නේ නුඔමය….

මවක සේ ලඟීන් සිටියේ ද නුඹමය….truestory_teacher_june61

නිමක් නොදිටිමි නුඹේ ගුණ කඳ

විසල් වූ විශ්වයකි නුඹ මට

Posted in Uncategorized | No Comments »